preloader

හැඳින්වීම

දකුණු පළාත් සභා බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු දිශානුගතව අක්ෂාංශ 6° 1′ සහ දේෂාංශ 80° 47′ හි තංගල්ල නගරය පිහිටා ඇත. තංගල්ල නගර සභා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3.24 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර තංගල්ල ප්‍රාදේශීය සභාවට මායිම්ව ස්ථානගත වී ඇත. ග්‍රාම නිලධාරී කොට්ටාශ 06 ක් තුල මුලු ජන ගහනය 9406 ක් සහ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 6938 ක් වේ.

ග්‍රාම නිලධාරී කොට්ටාශය ජන ගහනය
01 මැදකැටිය 1725
02 දංකැටිය 2933
03 ඉදිපොකුණගොඩ උතුර 2263
04 ඉදිපොකුණගොඩ දකුණ 592
05 කොටුවේගොඩ 558
06 පල්ලික්කුඩාව නාගරික 1335

තංගල්ල නාගරික බල ප්‍රදේශය තුළ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂනය දිනාගත් පාරිසරික පද්ධතීන් වලින් ගහන ආර්ථික , සමාජීය , සංස්කෘතික ,ඵෙතිහාසික , ආගමික , පාරිසරික , භූගෝලීය , වශයෙන් සුවිශේෂී වැදගත්කමක් සහිත ස්ථාන බොහොමයක් පවතී. ඒ අතුරින් ස්වාභාවික කොරල්පරයකින් සමන්විත සුන්දර මුහුදු තීරය, කඩොලාන පරිසර පද්ධතිය සහ ඓතිහාසික වැදගත්කමක් සහිත ආගමික ස්ථාන ප්‍රමුඛත්වයක් දරයි.

දැක්ම

සෞභාග්‍යයේ සොඳුරු පුරවරය අදිටනින් ගොඩනගමු.




මෙහෙවර

තංගලු පුරවරයේ ජනතා සුඛවිහරණය ප්‍රශස්ථ හා ඵලදායි ලෙස ලබාදීම උදෙසා, ප්‍රජා සහභාගීත්වය ඇතිව පැවරී ඇති බලතල හාවගකීම් වලට යටත්ව ජනතාවට සේවා සැපයීම අපගේ උදාරතර මෙහෙවර වන්නේය.