preloader

සාදරයෙන් පිළිගනිමු

ආයුබෝවන් ! තංගල්ල නගර සභාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

තංගලු පුරවරයේ ජනතා සුබ සාධනය උදෙසා උදෙසා කටයුතු කිරීම අපගේ ඒකායන අරමුණයි. මේ තුළින් අප ඔබ වෙත ලබා දෙන සේවාවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගත හැක. බදු හා ගාස්තු ගෙවීම පිළිබඳ තොරතුරු සහ නගර සභාවේ ඔබට අවැසි වෙනත් සේවාවන් පිළිබඳ තොරතුරු ක්‍ෂණිකව ලබා ගැනීමටද ඔබට මේ මඟින් පහසුකම් සලසා ඇත.

එමෙන්ම නගර සභාව විසින් ඔබ වෙත ලබා දෙන සේවාවන්ට අදාල, අවශ්‍ය වන බොහෝ ඉල්ලුම් පත්‍රද මේ තුළින් බාගත කර ගත හැකිය. තවද නගර සභාවෙන් සිදුකරන සේවාවන් පිළිබඳ ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ පැමිණීලි කිරීමටද සභාවේ කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔබට යම් යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමටද ඔබට මේ තුළින් පහසුකම් සලසා ඇත.

තංගල්ල නගර සභාවෙන් ඔබ වෙත ලබා දෙන සේවාවන් බොහෝ ප්‍රමාණයක් ලොව ඕනෑම තැනක සිට ලබා ගැනීමටත්, ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ලබා දීමටත් මේ තුළින් පහසුකම් සලසා ඇති බැවින් අප හා එක් වී ඔබගේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි කර ගනිමින් ඔබට අවශ්‍ය සේවාව ඉටු කර ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු. ස්තුතියි!



ලේකම්තුමාගේ පණිවුඩය

නවීකරණ තුලින් පාරිභෝගික පහසුව හා කළමනාකාරීත්වය තුලින් බදු ගෙවා ජනතාවගේ අයිතිය සඳහා කැපවන තංගල්ල නගර සභා වෙබ් අඩවිය වෙත සම්ප්‍රාප්ත වන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

1947 වර්ෂයේ සිට වසර 75කට අධික කාලයක් පුරා සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියනු ලබන තංගලු පුර ජනතාවගේ මුදුන් මල්කඩ බදු වු තංගල්ල නගර සභාවේ වත්මන් ලේකම් වරයෙකු ලෙස කටයුතු කිරිමට හැකිවීම පිළිබඳව මා නිහතමානිව ආඩම්බර වෙමි.

ආරම්භයේ සිටම සභාපතිවරුන් ගණනාවකගේ සහාය ලබමින් නාගරික ජනතාවගේ උපතේ සිට විපත දක්වා වු සියළු කාර්යයන් ඉටුකරමින් පළාත් පාලන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජබෙමින් තංගල්ල නගර සභාව කටයුතු කරනු ලබයි.

255 වන අධිකාරිය නගර සභා ආඥා පනතේ විධි විධාන පරිදි පැවරී ඇති කාර්ය කර්තව්‍ය එනම් මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ජනතාවගේ සුඛ විහරණය හා යටිතල පහසුකම් සංවර්ධනයේ නව මානයක් සොයා ගනිමින් ඒ සඳහා නව මංපෙත් විවෘත කරගනිමින් ගෝලිය ප්‍රවණතාව මැනවින් හඳුනාගනිමින් නොනවතින නව්‍යකරණයන් සිදුකරමින් සුරක්ෂීත පාරිභෝගිකයන් නිර්මාණය කරගැනීම තංගල්ල නගර සභාවේ ඉලක්කයකි.

නගර සභා බල ප්‍රදේශය තුළ ඇති සම්පත් උපයෝගී කරගෙන මව් සැලැස්මට අනුකූලව සකස් කරගන්නා ලද ක්‍රියාකාරී සැලැස්ම අනුව නගර සභාවේ ක්‍රියාපටිපාටි සකස් වී ඇති අතර, මෙම කාර්ය ඉටුකිරිමේදී හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්, දකුණූ පළාත් පළාත් පාලන කොමසාරිස් හා දකුණූ පළාත් ගරු ආණ්ඩුකාර තුමන්ගේ ද නොමද සහායද, අගය කොට සලකමි.

ටී.ඩබ්ලිව්.කේ.රූපසේන
ලේකම් - තංගල්ල නගර සභාව

පුවත් හා සිදුවීම්


අලුත් අවුරුදු ජන ක‍්‍රීඩා උළෙල 2024-04-26

ප‍්‍රසිද්ධ වෙන්දේසිය

තංගල්ල නගර සභාවේ 2023 භාණ්ඩ සමීක්‍ෂණයේදී ඉවත් කරන ලද අබලි භාණ්ඩ 2024/03/26 දින පෙ.ව. 10.30ට තංගල්ල නගර සභා කාර්යාල පරිශ‍්‍රයේදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

එදින නියමිත වේලාවට පැමිණ භාණ්ඩ වලට තබන ලද අවම ලංසුවට වැඩියෙන් භාණ්ඩ ඉල්ලුම් කළ හැකිය. වෙන්දේසිය අවසානයේදී තමන් ලබාගත් භාණ්ඩ වල මුලු වටිනාතම එදින ම ගෙවා එම භාණ්ඩ එදිනම තංගල්ල නගරසභා පරිශ‍්‍රයෙන් ඉවත් කර යුතුය.

මේ සියලු භාණ්ඩ 2024/03/26 දින පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.00 තෙක් එම ද්‍රව්‍ය පරීක්‍ෂා කර බැලිය හැක.

වැඩි විස්තර සඳහා කාර්යාලීය වේලාව තුළ පැමිණ හෝ 047-2240275 දුරකථන අංකයෙන් තංගල්ල නගර සභාව අමතා දැනගත හැකිය.

වෙන්දේසිය පැවැත්වෙන ස්ථානය
තංගල්ල නගරසභා පරිශ‍්‍රය
තංගල්ල

ලේකම්
තංගල්ල නගරසභාව
දිනය: 2024/03/18