>
preloader

තොරතුරු ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

2016 අංක 12 දරණ තොරුතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ බලතල ප්‍රකාරව තංගල්ල නගර සභාවෙන් යම් තොරතුරක් ලබාගැනීම සඳහා, තොරතුරු දැනගැනීමේ අයදුම්පත (RTI 01 පෝරමය) මගින් පහත තොරතුරු නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය. (මෙම ආකෘති පත්‍රය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන අතර අවශ්‍ය තොරතුරු සඳහන් කෙරෙන ඕනෑම ලිඛිත ලිපියක්, විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කරන ලිපියක් හෝ වාචික ඉල්ලීමක් ඉහත පනත යටතේ තොරතුරු ඉල්ලීම සඳහා ප්‍රමාණවත් වේ).

තංගල්ල නගර සභාවේ තොරතුරු ලබාදීම සඳහා නම් කළ නිලධාරි පිළිබඳ විස්තර

නම - ටී.ඩබ්.කේ. රූපසේන මයා

තනතුර - ලේකම්

දුරකථන - 0472240275

විද්‍යුත් තැපෑල - urbancounciltangalle@yahoo.com / urbancounciltangalle@gmail.com

තංගල්ල නගර සභාවේ තොරතුරු නිලධාරි පිළිබඳ විස්තර

නම - ටී.කේ.කේ. ජගත් චමින්ද මයා

තනතුර - ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී

දුරකථන - 0472240275

විද්‍යුත් තැපෑල - urbancounciltangalle@yahoo.com / urbancounciltangalle@gmail.com