preloader

පුරවැසි ප‍්‍රඥප්තිය

# ලබා දෙන සේවාව සම්බන්ධ වන නිලධාරියා කාර්ය නිම කිරීමට ගත වන කාලය අදාළ ගාස්තුව
01 ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම. විෂය භාර නිලධාර
තාක්ෂණ නිලධාරි
දින 14 ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 1000.00
පෙරසැරි ගාස්තුව- නේවාසික ව.මී.1 රු. 20.00
වාණිජ/මහල් ගොඩනැගිලි ව.මී.1 රු. 25.00
ව.මී. 400ට වඩා වැඩි වන විට ගාස්තුව වෙනස් වේ.
02 ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම. විෂය භාර නිලධාර
තාක්ෂණ නිලධාරි
දින 14 ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 500.00
පෙරසැරි ගාස්තුව ව.මී 100-300 රු. 1000.00
ව.මී. 300ට වඩා වැඩි වන විට ගාස්තුව වෙනස් වේ.
03 සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම. විෂය භාර නිලධාර
තාක්ෂණ නිලධාරි
දින 14 ව.මී.1000ක් දක්වා, වසරකට රු. 5000.00
ව.මී.1000ට වැඩි, වසරකට රු. 10000.00
04 අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමතය දීම. විෂය භාර නිලධාර
තාක්ෂණ නිලධාරි
දින 14 ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 1000.00
ප්‍රමාද ගාස්තු ව.මී 1 රු. 500.00
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ ගාස්තු අය කෙරේ
05 අනුකූලතා සහතිකය නිකුත් කිරීම. විෂය භාර නිලධාර
තාක්ෂණ නිලධාරි
දින 14 ව.මී 400 දක්වා - නේවාසික රු. 4000.00
වාණිජ/මහල් ගොඩනැගිලි රු. 5000.00
ව.මී. 400ට වඩා වැඩි වන විට ගාස්තුව වෙනස් වේ.
ප්‍රමාද වන සෑම දිනක් සඳහාම රු.100.00ක් අයකෙරේ.
06 වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම. විෂය භාර නිලධාර
තාක්ෂණ නිලධාරි
විනාඩි 30 රු. 500.00
07 වරිපනම් අය කිරීම. වරිපනම් විෂය භාර නිලධාරි විනාඩි 10 තක්සේරු නිවේදනයේ දැක්වෙන මුදල.
08 නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම. වරිපනම් විෂය භාර නිලධාරි විනාඩි 10 රු.500.00
09 වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම. ආදායම් පරීක්ෂක
විෂය භාර නිලධාරි
දින 14 සභාවෙන් දැනුම් දෙනු ලබන නිවේදනයේ සඳහන් මුදල.
10 ව්‍යාපාර බද්ද අය කර ගැනීම. ආදායම් පරීක්ෂක
විෂය භාර නිලධාරි
විනාඩි 10 බදු නිවේදනයේ සඳහන් මුදල.
11 කර්මාන්ත බද්ද අය කර ගැනීම. ආදායම් පරීක්ෂක
විෂය භාර නිලධාරි
විනාඩි 10 බදු නිවේදනයේ සඳහන් මුදල.
12 ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම. ආදායම් පරීක්ෂක
විෂය භාර නිලධාරි
විනාඩි 15 අතුරු ව්‍යවස්ථාවේ නියම කර ඇති පරිදි දැන්වීමේ
වර්ග ඵලය මත අවසර පත්‍ර ගාස්තුව.
13 ආදාහනාගාරය වෙන් කරවා ගැනීම. විෂය භාර නිලධාරි විනාඩි 15 බල ප්‍රදේශය ඇතුළත රු. 6000.00
ප්‍රදේශයෙන් පිටත රු. 10000.00
14 සුසාන භූමිය වෙන් කරවා ගැනීම විෂය භාර නිලධාරි විනාඩි 15 බල ප්‍රදේශය ඇතුළත රු. 750.00
15 මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම. විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
දින 2 පළුදු කිරීමේ ප්‍රමාණය අනුව වෙනස් වේ.
16 ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම. විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
දින 3 රු. 300.00
17 විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම. විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
දින 02 ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් සියයට 7.5 (7.5 %) සිනමා ශාලාව සඳහාද, සියයට 10 (10 %) වෙනත් විනෝද කටයුතු සඳහාද අය කෙරේ.
18 උත්සව ශාලා / නගර ශාලා / ප්‍රජා ශාලා කුලියට දීම විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
විනාඩි 15 භාවිතා කරන කාර්යය අනුව වෙනස් වේ.
ආරක්ෂිත ඇපය රු. 5000.00/ 10000.00
19 ක්‍රීඩා පිටි කුලියට දීම. විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
විනාඩි 15 භාවිතා කරන කාර්යය අනුව වෙනස් වේ.
ආරක්ෂිත ඇපය රු. 5000.00
20 මළ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව ලබා දීම විෂය භාර නිලධාරි විනාඩි 15 බවුසර් ගාස්තුව - ප්‍රදේශය තුළ රු. 6000.00
ප්‍රදේශයෙන් පිට රු. 7000.00
ප්‍රවාහනය කි. මී. 1 ට රු. 100.00 බැගින්.
21 ජල බවුසර් සේවාව ලබා දීම. විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
විනාඩි 15 බල ප්‍රදේශය තුළ රු. 2250.00
22 දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම ආදායම් පරීක්ෂක
විෂය භාර නිලධාරි
දින 5 ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 100.00
පෙරසැරි ගාස්තුව රු. 300.00
23 ඇතැම් ඉඩම් විකිණීම මත බදු ආදායම් පරීක්ෂක
විෂය භාර නිලධාරි
විනාඩි 15 ඉඩම විකුණන ලද මුදල් වටිනාකමෙන් සියයට එකක්(1%)
24 ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
දින 2 බලපත්‍ර ගාස්තුව රු. 10000.00
ආරක්ෂිත ඇපය රු. 10000.00
25 නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම. පරිසර විෂය භාර නිලධාරි
තාක්ෂණ නිලධාරි
දින 3 ට්‍රැක්ටර් (ලෝඩ්) එකක් රු. 3750.00
26 වීථි පහන් අලුත්වැඩියාව. විෂය භාර නිලධාරි දින 1 -
27 පුස්තකාල සාමාජිකත්වය ලබාදීම. පුස්තකාලයාධිපති දින 1 සාමාජික ගාස්තු වැඩිහිටි/ලමුන් රු. 300.00/ 50.00
ආරක්ෂිත ඇපය රු. 300.00
28 පෙර පාසලට සිසුන් ඇතුලත් කර ගැනීම ප්‍රජා සංවර්ධන නිලධාරීි දින 1 ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 100.00
29 ගිණි නිවීම් රථ සේවාව ලබා දීම. විෂය භාර නිලධාරිි දින 5 බල ප්‍රදේශයෙන් පිටත රු. 15000.00
යන්ත්‍ර ක්‍රියාකාරී පැය 1ක ගාස්තුව රු. 1000.00
ප්‍රවාහනය කි. මී. 1 ට රු. 200.00 බැගින්.

අපගේ කැපවීම

  • අවංකව
  • ප්‍රඥාවන්තව
  • කාර්යක්ෂමව හා සපලතාව‌ෙයන්
  • ලබාදීමට කැපවී සිටින්නෙමු.
  • ආචාර සම්පන්නව
  • අවබෝධ‌ෙයන් යුක්තව
  • විෂය මූලිකව හා අපක්ෂපාතිව
  • විනිවිද භාව‌ෙයන් යුක්තව
  • වගවීමෙන්
  • අප්‍රමාදව

අපගේ අපේක්ෂාව

අප ආයතනය කෙ‌රෙහි ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තූති කරන අතර, අපගේ සේවය සඳහාඔබ විසින් කරනු ලබන ඉල්ලීම්, යුක්ති සහගත සාධාරණ සහ නියමිත කලට ඉදිරිපත් කිරීමෙන් ද, අංගසම්පූර්ණ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරී‌මෙන් ද අප‌ෙගන් අ‌ෙප්ක්ෂා කළ හැකි සහ අ‌ෙප්ක්ෂා කළනොහැකි ‌ෙද් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබීම මගින් ද ඔබට අපට සහයෝගය පළකලහැකි බව දන්වනු කැමැත්තෙමු.

අපගේ ප්‍රමිතීන්

ඔබ‌ෙගන් ලැ‌බෙන සෑම ලිඛිත ඉල්ලීමකටම ක්ෂණික ප්‍රතිචාර අ‌ෙපන් ලැ‌බෙනු ඇත. අපේ ප්‍රතිචාරයදින 07 ක් ඇතුලත දි ඔබට ලැ‌බෙනු ඇත. ඔබේ ඉල්ලීම සමඟ ඉල්ලා ඇති තොරතුරු, ලිඛිත ලියකියවිලි සහ ගාස්තු ඉදිරිපත් කර ඇත්තේ නම්, ඔබ ඉල්ලා ඇති සේවය අප විසින් දැනුම් දී ඇති කාල පරාසය තුළ ඔබට ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.

අවසාන තීරණය ගැනීම ප්‍රමාද විය හැකි හෝ අනිවාර්යයෙන්ම ප්‍රමාද වන අවස්ථාවක දී හෝ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වු විටක එයට හේතුව අප විසින් ක්ෂණිකව දන්වනු ලැබේ.

පැමිණිලි සහ සහන ලබාදීමේ ක්‍රම‌ෙව්දය

අප ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබාදෙනු ලැබේ. ඉහත සඳහන් ප්‍රමිතීන් හා සම්බන්ධ ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙතකරුණාකර ලියාපදිංචි කරන්න.
නම :- ටී.ඩබ්.කේ. රූපසේන
තනතුර :- ලේකම්
පිහිටි ස්ථානය :- තංගල්ල නගර සභාව
දුරකථනය/ෆැක්ස්:- 0472240275
ඊ-මේල්:- urbancounciltangalle@yahoo.com
නම :- කේ.කේ. ජගත් චමින්ද
තනතුර :- ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
පිහිටි ස්ථානය :- තංගල්ල නගර සභාව
දුරකථනය/ෆැක්ස්:- 0472240275
ඊ-මේල්:- urbancounciltangalle@yahoo.com
  • සියළු පැමිණිලි ලද බව දින 02 ඇතුළත දන්වන අතර අවසාන පිළිතුර දින 07 ඇතුළතදන්වනු ලැබේ.
  • සේවාලාභී මහජන ඔබෙන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.
  • අ. අපගේ සේවාවන් ලබන ඔබ හෝ ඔබේ නියෝජිතයින් සමඟ අප අඛණ්ඩව රැස්වීම්පවත්වනු ලැබේ. ඔබ අප සමඟ සම්බන්ධ - වීමට අපේක්ෂා කරන්නේ නම්කරුණාකර 0472240275 දුරකථන අංක‌ෙයන් අමතන්න.
  • ආ. මෙම ප්‍රඥප්තියට ඇතුළත් කර ඇති කරුණු පිළිබඳ ඔබේ උපදෙස් ලබා ගැනීමට හෝඔබේ අදහස් ලබාදීමට ඔබ දක්වන කැමැත්ත ඇතුළත් කර ඔබ‌ෙග් විස්තර අපගේ www.tangalle.uc.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන්න.
පුරවැසි ප්‍රඥප්තිය, අප විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමසඳහා ඔබත් අපත් එක්ව දරණ ඒකාබද්ධ ප්‍රයත්නයකි. ලබාදෙන සේවය තවත් වැඩි දියුණුකිරීමට පහත දක්වා ඇති විස්තර (ආයතනයට අදාල විස්තර සඳහන් කරන්න) ලබා දී‌මෙන්අපට උපකාරි වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ප්‍රඥප්තිය යට‌ෙත් ලබාදෙන ‌ෙස්වාවන් නිරතුරුව සංශෝධනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි බැඳී සිටිමු.!